ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතරින්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගතවූ පැය 24 තුළ මෙරට වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, කළුතර දිස්ත්රික්කයේ වෝගන් වතුයාය ප්රදේශයට මිලිමීටර් 141.9ක වර්ෂාපතනයක් ලැබී ඇත.
එමෙන්ම, වරකාපොළ ප්රදේශයෙන් මිලිමීටර් 126.3ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන නිවේදන හා උපදෙස් පිළිපදින ලෙසත් ජනතාවට සිහිපත් කෙරේ.

Comments
Post a Comment