🚨 වගා හානිවලින් පීඩාවට පත් දිවුලපතාන ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට රාහුලාලංකාර නාහිමියෝ ගොවි බිම්වලට වැඩම කරති! 🙏🇱🇰
🐄 ගවයින්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින දිවුලපතාන ප්රදේශයේ පාරම්පරික ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ ගොවි බිම් වෙත වැඩම කර තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේදීම කෘෂිකර්ම අමාත්යවරයා වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවද නාහිමියන් ප්රකාශ කර තිබෙනවා.
🌾 ගොවියාගේ දහඩියට සාධාරණයක් ඉටු වේවිද?
තම වගාවන් විනාශ වීමෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ, කෘෂිකර්ම අමාත්යවරයාගේ සහ අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වීම අත්යවශ්යයි.
🙏 ගොවි ජනතාවගේ ගැටලුවට කඩිනම් හා සාධාරණ විසඳුමක් ලැබේවා!
📺 සියදෙස TV
ලොවම ඔබේ දෑස් ඉදිරියේ!

Comments
Post a Comment